විදුහල්පති ගැටලු විසදීමට පත් කළ විද්වත් කමිටුවට ඇමති සුසිල්ගෙන් යෝජනාවලියක්

2025 මාර්තු මස 31 පෙ.ව. 06:36 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන්ගේ ගැටලු විසඳීම සඳහා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ උපදෙස් පරිදි අධ්‍යාපන ලේකම් විසින් පත් කරන ලද කමිටුව අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අධ්‍යාපන අමාත්‍යතුමගේ ප්‍රධානත්වයෙන්  විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදි.

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ කලක් තිස්සේ පවතින ප්‍රධාන ගැටලු කිහිපයකට අවධානය යොමු කළ අමාත්‍යවරයා විසින් වැටුප් විෂමතා, බඳවාගැනීම් පටිපාටිය, උසස් කිරීම් සහ ස්ථානමාරු කිරීම් පිළිබඳ ව නිලධාරීන් විසින් සහ වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවලට දිය යුතු ප්‍රමුඛතාවන් පිළිබඳ ව අදහස් දක්වන ලදි.

කමිටුවේ මේ දක්වා සිදු කර ඇති කාර්ය ප්‍රගතිය සමාලෝචනය කළ අමාත්‍යවරයා මූලික ගැටලු නිරාකරණය සඳහා කෙටිකාලීන විසඳුම් හැකි ඉක්මනින් ඉදිරිපත් කරන ලෙස කමිටුවට දැන්වී ය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...