විවාහයෙන් පසුව යුද පිටියට

2024 දෙසැම්බර් මස 21 ප.ව. 10:27 - {{hitsCtrl.values.hits}}  

තම විවාහයෙන් අනතුරුව එළැඹෙන මධු සමය යුක්රේනය වෙනුවෙන් සටන් කිරීමට වෙන් කළ යුවළක් පිළිබඳව තොරතුරු යුක්රේනයෙන් වාර්තා වෙයි.

රුසියාව යුක්රේනය ආක්රුමණය කිරීම ආරම්භ කළ පළමු දිනයේදී ඔවුන්ගේ මංගල උත්සවය පැවැති අතර විවාහයෙන් පැය කිහිපයකට පසුව මෙසේ යුක්රේනය වෙනුවෙන් සටන් කිරීමට තීරණය කළේය  යාරිනා අරීවා සහ ස්වියාටොස්ලාව් ෆර්සින්ය.

මෙම යුවළ මැයි මාසයේදී විවාහ වීමට නියමිතව තිබූ නමුත් යුක්රේනය හා රුසියාව අතර ඇතිවූ සීතල යුද්ධය හේතුවෙන් තම විවාහය ඉක්මන් කර පසුගිය සතියේදී කියෙව්හිදි විවාහ විය.

"අපට ඇති මෙම නව යථාර්ථය තේරුම් ගැනීමට අපහසුයි" කියෙව්හි සිටිමින් අරීවා පැවැසුවාය.

“මෙතන කවුරුත් අපි පරදිනවා කියලා කියන්නේවත් අඬන්නේවත් නැහැ. මෙතන ඉන්න හැමෝම විශ්වාස කරනවා අපි දිනනවා කියලා. ඒ සියල්ල කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණි. ඉතින් මේ මහා ජනකාය ඇත්තටම සටන් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා දැක්කම මට හරිම සතුටුයි. තමන්ගේ රට වෙනුවෙන් සටන් කරන්න ලෑස්තියි. අපි මේ යුද්ධයේ ජයග්‍රහණය ගැන කිසිම සැකයක් නැහැ," ඇය පැවසුවාය.

ඇගේ ස්වාමිපුරුෂයා වන ෆර්සින් පැවැසුවේ "මිනිසුන්ට සෑම විටම නිදහසේ සිටීමට අවශ්යයි. මෙම ජනයා ඔවුන්ගේ නිදහස සඳහා සටන් කිරීමට සූදානම්ව සිටියි. ."

"මෙහි ජීවිතය වෙනස්, නමුත් එය ජීවිතයයි. මිනිසුන් විහිළු කරයි, සිනාසෙයි. එය දැකීමට ඉතා සිත්ගන්නා සුළුයි. එය යුද්ධයේ ආරම්භයත් සමඟ වෙනස් වූ තවත් ආකාරයක ජීවිතයකි, නමුත් එය ජීවිතයයි," යැයි අරීවා පැවැසීය.

යුක්රේනයට මුදල්, ආහාර, ආයුධ සහ වෛද්ය  ආධාර ලබා දෙන ලෙසත් රුසියාවට තවත් සම්බාධක පනවන ලෙසත් මෙම යුවළ ජාත්යසන්තර ප්රබජාවෙන් ඉල්ලා සිටියහ.

සියල්ලම එක තැනකට රැස් කර හොඳ වයින් වීදුරුවක් පානය කළ හැකි කාලය ඉක්මනින් පැමිණෙනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ෆුර්සින් පැවසීය. 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...