විශිෂ්ඨ පුවත්පත් කළාවේදී එල්මෝ ගුණරත්න සමුගනියි

2024 දෙසැම්බර් මස 22 පෙ.ව. 10:59 - {{hitsCtrl.values.hits}}  

ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම පුවත්පත් කලාවේදියකු ලෙස අවිවාදයෙන් සැලකෙන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එල්මෝ ගුණරත්න මහතා අද (28) පෙරවරුවේ කොවිඩ් හේතුවෙන් අභාවප්‍රාප්ත විය.

මියයන විට 89 වැනි වියේ පසුවූ ඒ මහතා දශක 6ක් පුරා මෙරට පුවත්පත් කලාවට විශිෂ්ට ‌සේවාවක් ඉටු කළ ජ්‍යෙෂ්ඨතමයකු ලෙස සැලකේ.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවකු වූ ගුණරත්න මහතා සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කළේ ‘සිංහලයා’ පුවත්පතෙනි.

පසුව ලේක්හවුස් ආයතනයේ සේවයට බැදුණු ඒ මහතා එම ආයතනය රජයට පවරා ගන්නා තෙක් එහි සේවය කළේය.

ලේක්හවුස් ආයතනය රජයට පවරා ගැනීමත් සමග ඊට විරෝධය පළ කොට ඉල්ලා අස්වූ කිහිප දෙනා අතර එල්මෝ ගුණරත්න මහතාද විය.

ඉන් අනතුරව තායිලන්තය බලා පිටත්ව ගිය ඒ මහතා ‘බැංකොක් පෝස්ට්’ පුවත්පතේ ප්‍රධාන උපකර්තෘවරයා වශයෙන් කලක් සේවය කළේය.

අනතුරුව 1978 යළි ලංකාවට පැමිණි ගුණරත්න මහතා එවකට පැවැති ‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ ආයතනයේ කළමනාකාර කර්තෘවරයා වශයෙන් රාජකාරී ආරම්භ කළේය.

එම ආයතනය මගින් මුද්‍රණය කළ ‘ලංකාදීප’ – ‘සන්ඩේ ටයිම්ස්’ සහ ‘ඩේලිමිරර්’ යන සිංහල-ඉංග්‍රීසි පුවත්පත් තුනේම එකවර කර්තෘ ධූරය දැරූ ලංකාවේ පළමු සහ එකම පුවත්පත් කලාවේදියා වන්නේද එල්මෝ ගුණරත්න මහතාය.

එමෙන්ම ගුණරත්න මහතා ජනාධිපති සම්මානයෙන් සහ විශිෂ්ටතා සම්මානයෙන්ද පිදුම් ලැබූවෙකි.

ඉන් අනතුරුව ගුණරත්න මහතා අධ්‍යාපන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා ලෙසද, ප්‍රවාහන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා ලෙසද, සමෘද්ධි හා ක්‍රීඩා අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා ලෙසද කටයුතු කරනු ලැබීය.

නැසීගිය නන්ද්‍රා ඩයස් ගුණරත්න මහත්මියගේ ආදරණිය ස්වාමිපුරුෂයා වන එල්මෝ ගුණරත්න මහතා දමිත ගුණරත්න, හර්ෂ ගුණරත්න, තුෂාර ගුණරත්න සහ රජීව් ගුණරත්න යන අයගේ පියාණන්ද වේ.

මධුක, ලංකේෂ්, තෙවුණි සහ ඩිල්මින් යන මුනුපුරු මිනිපිරියන්ගේ ආදරණීය සීයා වන්නේද එල්මෝ ගුණරත්න මහතාය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...