විශේෂ දළඳා ප්‍රදර්ශනයට දින නියම වෙයි

2025 මාර්තු මස 20 පෙ.ව. 04:55 - {{hitsCtrl.values.hits}}  

මේ වසරේ පැවැත්වීමට යෝජනා වී ඇතිදළදාදැක්මමල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ එකඟතාවයවය පරිදි අප්‍රේල් මස 18 සිට27  වැනි දින දක්වාපැවැත්වීමට නියමිත බවශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතානිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

පළමු දිනයේදීදළදා දැක්ම සවස 3.00 ටආරම්භ වීමට නියමිත අතරසෙසු දිනවලදීදහවල් 12.30 සිටසවස 5.30 දක්වා පැවැත්වීමට නියමිතය.

අද (02) ශ්‍රී දළදා මාලිගාවේ පිහිටි ඒ මහතාගේ නිල කාමරයේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඒ බව ප්‍රකාශයට පත් කළේය.

මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථසුමංගලමහා නා හිමියන් ප්‍රමුඛඅනු නාහිමිවරුන්සහ කාරක මහා සංඝ සභාවමංගල උපෝෂිතාගාරයේදී අද (02) පෙරවරුවේරැස්වී දළදා දැක්ම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පැවැති අතරඑහිදී මල්වතු පාර්ශවයේ අවසන් එකඟතාවයකටපැමිණියහ.

මේවනවට ශ්‍රී දළදා මාලිගාවේ තේවාව භාරව සිටිනඅස්ගිරි පාර්ශ්වයද අද (02) පෙරවරුවේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වර්කාගොඩ ශ්‍රී ඥානරතන මහා නා හිමියන් ප්‍රමුඛ අනුනාහිමිවරුන් හා කාරක මහා සංඝ සභාවඑහි මංගල උපෝෂිතාගාරයේදී රැස්ව දළදා දැක්ම පිළිබඳව අවසන් එකඟතාවයකට පැමිණියහ.

ඉන් අනතුරුව ජනාධිපතිවරයාගේ සහභාගිත්වයෙන් මහනුවර ජනාධිපති මන්දරේදීමල්වතු අස්ගිරි මහනාහිමිවරුන් ප්‍රමුඛ දියවඩන නිලමේවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡා වටයක් පැවැති අතර අතර මල්වතු අස්ගිරි උභය මහාවිහාරයන්හි අවසන් එකඟතාවය එහිදී ජනාධිපතිවරයාට දැනුම් දීම සිදු කළේය.

ඉන් අනතුරුව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ශ්‍රී දළදා මාලිගාවේ ඔහුගේ නිල කාමරයේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා 2025 වසරේ දළදා දැක්ම පිළිබඳව දින වකවානු නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

දළදා දැක්ම පිළිබඳව අවසන් එකඟතාවයකට පැමිණි අද (02) දිනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාටද විශේෂ දිනයක් වූයේ වත්මන් ජනාධිපතිවරයා ජනාධිපති ධුරයට පත් වීමෙන් අනතුරුව මහනුවර ජනාධිපති මන්දිරයට පය තැබූ මුල්ම දිනයද එදින වීමය.

වත්මන් ජනාධිපතිවරයා ජනාධිපති ධුරයට පත් වීමෙන් අනතුරුව අවස්ථා කිහිපයකදීම මහනුවර සංචාරය කළද කිසිදු අවස්ථාවක මහනුවර ජනාධිපති මන්දිරය තම අවශ්‍යතා සඳහා භාවිතා නොකිරීමද විශේෂත්වයකි.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...