2024 දෙසැම්බර් මස 22 පෙ.ව. 11:52 - {{hitsCtrl.values.hits}}
2024-2025 වසර සදහා ශ්‍රි පාද වන්දනා වාරය (14) දිනට යෙදුණු උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ කල බව ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක , පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර , ධර්ම කිර්ති ශ්‍රි ත්‍රිපිටකාචාර්ය, ශ්‍රි සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන , බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන් පැවසිය.
පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානයේ සිට රත්නපුර අවිස්සාවේල්ල හැටන් මාර්ගය ඔස්සේත් , බලංගොඩ බගවන්තලාව මාර්ගය ඔස්සෙත් , රත්නපුර පලාබද්දල සහ රජමාවත ඔස්සේ (14) දින අලුයම වැඩම කරවු සදාතුක කරඩුව , සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රි පාද උඩ මළුව වෙත වඩම්මවා ශ්‍රි පාද පද්මය සුවද පැණින් දෝවනය කර ආගමික වතාවන් ගණනාවක් පැවැත්විමෙන් අනතුරුව (14) දින උදැසන යෙදුණු සුභ නැකතට වැඩම්ම වු සදාතුක කරඩුව , සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රි පාද උඩ මළුවේ තැන්පත් කිරිමෙන් පසු ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කරනු ලැබුහ.
මාර්ග හතරක් ඔස්සේ ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කිරිම සදහා පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානයේ සිට වැඩම කල සදාතුක කරඩුව , සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ රැගත් රණ්සිලිගේ රිය පෙරහැර ගමන් ගත් මාර්ග දෙපස එම රිය පෙරහැරට පුෂ්ප උපහාර දැක්විම සදහා විශාල බැතිමතුන් පිරිසක් මාර්ගය දෙපස රැදි සිටිහ.
මෙවර හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන්ගේ ආරක්ෂාව උදෙසා විශේෂිත ආරක්ෂිත වැඩපිලිවෙලක් දියත් කර ඇති බවත්, ශ්‍රි පාද වන්දනාවේ මත්ද්‍රව්‍ය රැගෙන එන පිරිස් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට පොලිස් සුනඛ අංශයේද සහය ඇතිව විශේෂ සොදිසි මෙහෙයුම් ශ්‍රි පාද හැටන් මාර්ගයෙත් , හැටන් දුම්රිය ස්ථානයෙත් , නල්ලතන්නිය සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා දියත් කර ඇති බව හැටන් පොලිස් අධිකාරි ප්‍රදිප් විරසේකර මහතා පැවසිය.
2024-2025 ශ්‍රි පාද වන්දනා වාරයේදි වන්දනාකරුවන්ට පිරිසිදු පානිය ජලය ලබාදිමට පියවර ගෙන ඇති නිසා ප්ලාස්ටික් වතුර බෝතල් ශ්‍රි පාද උඩ මළුව දක්වා රැගෙන යාම තහනම් කර ඇත.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |