ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු 20දාට පෙර

2024 නොවැම්බර් මස 18 පෙ.ව. 08:00 - {{hitsCtrl.values.hits}}  

පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු ලබන 20 වනදා ට පෙර නිකුත්කිරීමට හැකිවනු ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
මේ වනවිට එම කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බව පාසල් කටයුතු අතිරේක ලේකම් ලලිතා එගොඩවෙල මහත්මිය සඳහන් කළේය.

අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ, විභාග ප්‍රතිඵලවලට අනුව ජනප්‍රිය පාසල් සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමට අදාළ කඩඉම් ලකුණු නිකුත්කිරීම සිදුකරන බවය.

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වය ජනවාරි මස 22 වනදා පැවැත්වුණු අතර ප්‍රතිඵල මාර්තු මස 13 වනදා නිකුත් කළේය.

ශිෂ්‍යත්ව විභාගය සඳහා අපේක්ෂකයින් 340,508 දෙනෙකු පෙනීසිටි අතර විභාග මධ්‍යස්ථාන 2,943කදී සහ විශේෂ මධ්‍යස්ථාන 108කදී මෙවර විභාගය පැවැත්වුණි.

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...