ශිෂ්‍යත්ව ලකුණු අනුව සිසුන් ඇතුළත් කර ගැනීමේ වෙනසක් නෑ

2025 අප්‍රේල් මස 09 පෙ.ව. 04:05 - {{hitsCtrl.values.hits}}  

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ලකුණු අනුව පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදයේ කිසිදු වෙනසක් සිදු නොකළ බව ත් ඒ ඒ පාසල්වලට ඇතුළත් කර ගන්නා සිසුන් ප්‍රමාණයේ කිසිදු වෙනසක් සිදුකර නොමැති බව ත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසී ය. ලේකම්වරයා මේ බැව් පැවසූයේ අද (22දා) අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකට එක් වෙමිනි.

පසුගිය දිනවල දෙමාපියන් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණවල පවා නියුතු වූ බවත් ඒ පිළිබඳ රජය අවධානය යොමු කර තිබෙන බව ත් සිසු දරු දැරියන්ට කිසිදු අසාධාරණයක් සිදු වීමට ඉඩ නොතබන බව ද ඔහු පැවසීය.

ශිෂ්‍යත්ව විභාගයෙන් සිසු දරු දැරියන් වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගත්ත ද  2017 සිට 2021  දක්වා වසර 05ක් තුළ පාසල්වලට සිසුන් බඳවා ගැනීමේ ප්‍රමාණය කිසිසේත් ම වෙනස් නොකළ බව ද වැඩිදුරටත් පැවසී ය.

එමෙන් ම කිසිදු ආකාරයකින් පාසල්වල පන්ති ප්‍රමාණය හෝ පන්තියකට ඇතුළත් කරගන්නා සිසුන් ප්‍රමාණය අඩු කිරීමට තීරණයක් ගෙන නොමැති අතර 1ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා බාලක බාලිකා මිශ්‍ර සහ 6-13 බාලක, බාලිකා සහ මිශ්‍ර පාසල්වල හෝ එවැනි වෙනසක් සිදු කිරීමට අපේක්ෂා නොකරන බව ද පැවසී ය.

ඒ පිළිබඳ සියලු තොරතුරු අමාත්‍යංශ වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙබ් අඩවියෙන් අදාළ තොරතුරු ලබා ගැනීමට හැකි බව ද අවධාරණය කළේ ය.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...