2024 දෙසැම්බර් මස 21 ප.ව. 07:39 - {{hitsCtrl.values.hits}}
පාසල්වලට සිසුන් තෝරා ගැනීමට හා ශිෂ්‍යාධාර ප්රදානය කිරීමට 5 ශ්‍රේණියේ සිසුන් සඳහා පැවැත්වෙන විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2849 කදී මෙම මස 15 ඉරිදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
එදින පෙරවරු 09.30 සිට 10.45 දක්වා මෙම විභාගයේ දෙවන ප්‍රශ්න පත්‍රයද පෙරවරු 11.00 සිට 12.15 දක්වා පළමු ප්‍රශ්න පත්‍රයද පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව කියයි.
අයදුම්කරුවන්ගේ පැමිණීමේ ලේඛන මේ වන විට පාසල්වල විදුහල්පතිවරුන් වෙත තැපැල් මගින් යවා ඇති බවත් ඒවා ලැබී නැත්නම් විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk හා http://onlineexams.gov.lk යන නිල වෙබ් අඩවිවලින් බාගත කර ගත ගැනීමටත් අයදුම්කරුවන්ගේ තොරතුරු සංශෝධන කිරීම අද (2) සිට මෙම මස 09 දා දක්වා මාර්ගගත ක්‍රමයට සිදුකර ගැනීමට විදුහල්පතිවරුන්ට හැකි බවත් විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |