ශිෂ්‍යත්ව සමතුන්ට නව පාසල් ලබාදීමට අයඳුම්පත් කැඳවයි

2025 අප්‍රේල් මස 09 පෙ.ව. 04:00 - {{hitsCtrl.values.hits}}  

2020 වර්ෂයේ පවත්වන ලද 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව දිස්ත්‍රික් කඩඉම් ලකුණු ඉක්මවමින් සුදුසුකම් ලැබූ සිසුන්ට  2021 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීම සඳහා නව පාසල් ලබාදීමට අදාළ ව අයදුම්පත් කැඳවනු ලැබේ.

සියලු අයදුම්පත් සහ උපදෙස් පත්‍රිකා අදාළ පාසලේ විදුහල්පති මගින් ලබාගැනීමට දෙමව්පියන්ට අවස්ථාව සලසා ඇති අතර 2020-12-10 දිනට ප්‍රථම නිවැරදි ව සම්පූර්ණ කරන ලද අයදුම්පත්,  දරුවන් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි පාසලේ විදුහල්පතිවරයා වෙත භාරදිය යුතුය.

කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් වසා දමා ඇති සියලු ප්‍රදේශවල දරුවන්ගේ අයදුම්පත් පාසල් වෙත ගෙන්වාගැනීමට නිර්දේශිත සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් කටයුතු කරන ලෙස මේ වනවිටත් අදාළ කලාප අධ්‍යාපන නිලධාරීන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කර තිබේ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...