2025 ජනවාරි මස 15 ප.ව. 05:28 - {{hitsCtrl.values.hits}}
2024 වර්ෂයේ පැවැති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම ජනවාරි මස 8 වෙනි දින සිට12 වැනි දින දක්වා පැවැත්වීමට සූදානම් කොට ඇති බව විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා සඳහන් කරයි.
මෙම විභාගයේ ප්‍රශ්න පත්‍ර කලින් පිට වූවේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මතු වූ අර්බුදය නිසා පිළිතුරු පත්‍ර ඇගයීම විභාග කොමසාරිස්වරයා විසින් කල් තබා තිබුණි. මතභේදයට තුඩුදුන් ප්‍රශ්න තුනක් වෙනුවෙන් පොදුවේ සැමට ලකුණු ලබාදීමට විභාග කොමසාරිස්වරයා ගත් තීරණයට එරෙහිව මවුපියන් පිරිසක් විසින් අධිකරණය හමුවේ නඩු පවරා තිබූ අතර අධිකරණයෙන් ලද නියෝගයට අනුව ප්රශ්නය සමතයකට පත් කරමින් අධිකරණය පෙන්වා දුන් යෝජනා තුන අනුව දෙවැනි යෝජනාව ක්‍රියාත්මක කරමින් කලින් පිට වූයේ යැයි කියූ ප්‍රශ්න තුන සඳහා සියලු දරුවන්ට පොදුවේ ලකුණු ලබාදීමට විභාග කොමසාරිස්වරයා කටයුතු කළේය.
ඒ අනුව විභාගයට පෙනී සිටි සියලු දරුවන්ගේ පිළිතුරු පත්‍ර ඇගයීම ආරම්භ කිරීමට විභාග කොමසාරිස්වරයා ඉහත දිනවල කටයුතු කර තිබේ.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |