ශිෂ්‍යත්වයේ පාසල් කඩඉම් ලකුණු නිකුත් කෙරේ

2025 මාර්තු මස 20 ප.ව. 10:32 - {{hitsCtrl.values.hits}}  

 2024 වර්ෂයේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත 2025 හය ශ්‍රේණියට ශිෂ්‍යත්වධාරීන් යොමු කිරීම සඳහා තීරණය වූ පාසල් කඩඉම් ලකුණු නිකුත් කර ඇත.

2025.03.14 දින සිට සිසුන්ට ලැබී ඇති පාසල් https://g6application.moe.gov.lk/#/ සබැඳිය වෙත පිවිසීමෙන් පරීක්ෂා කර ගත හැකි ය.

2024 පස්වන ශ්‍රේණි ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත සුදුසුකම් ලබා ඇතත්, මෙම කඩඉම් ලකුණු අනුව පාසලක් ලැබී නොමැති/ වෙනත් සාධාරණ හේතු මත ලැබී ඇති පාසල වෙනස් කර ගැනීමට අවශ්‍ය සිසුන්ට ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමට මාර්ගගත (Online) ක්‍රමයට පහසුකම් ඉදිරියේ දී සලසන අතර අභියාචනා ඉදිරිපත් කළ හැකි කාල සීමාව පසුව දැනුම් දෙනු ඇත.

සියලු අභියාචනා එම මාර්ගගත වැඩසටහන හරහා පමණක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කළ යුතු ය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...