ශුරයන්ගේ කුසලානයේ ජයග්‍රාහකයන්ට රු. මි. 672ක්

2025 මාර්තු මස 15 පෙ.ව. 11:54 - {{hitsCtrl.values.hits}}  

2025 ශූරයන්ගේ කුසලානයේ ජයග්‍රාහකයින්ට ඇමෙරිකානු ඩොලර් මිලියන 2.24ක ත්‍යාග මුදලක් ලැබෙනු ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි.එහි අනුශූරයන්ට ඇමෙරිකානු ඩොලර් මිලයන 1.12ක ත්‍යාග මුදලක් හිමිවෙනු ඇත.

අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් දෙකට ඩොලර් 560,000 බැගින් ප්‍රදානය කෙරේ. මෙවර තරගාවලියදෙි බෙදා දිමට නියමිත මුව මුදල ඩොලර් මිලියන 6.9 ක් වන අතර එය 2017 දී  ලබාදුන් ත්‍යාග මුදල හා සැසදිමේදි 53% ක වැඩිවීමකි.

ශූරයන්ගේ කුසලානය කණ්ඩායම් අටක තරඟාවලියක් ලෙස දිගටම පවතින අතර, කණ්ඩායම් හතර බැගින් වූ කාණ්ඩ දෙකකට බෙදා ඇත. සෑම කාණ්ඩයකින්ම ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටයට පිවිසෙනු ඇත. 

සෑම කණ්ඩායම් තරඟයක්ම ජයග්‍රාහී කණ්ඩායමට ඩොලර් 34,000 ක මුදලක්ව පිරිනමයි. පස්වන සහ හයවන ස්ථාන ලබා ගන්නා කණ්ඩායම් සඳහා ඩොලර් 350,000 ක් පිරිනැමිමට නියමිතය.

හත්වන සහ අටවන ස්ථාන ලබා ගන්නා කණ්ඩායම් සඳහා ඩොලර් 140,000 බැගින් ලබා දෙනු ඇත.මිට අමතරව තරගාවලියට එක්වන සෑම කණ්ඩායමක් වෙනුවෙන්ම ඇමෙරිකානු ඩොලර් 125000  ක දිමනාවක් ලබා දෙනු ඇත.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...