සබරගමුවට නව ජාතික පාසල් 81ක්

2025 අප්‍රේල් මස 07 ප.ව. 06:49 - {{hitsCtrl.values.hits}}  

රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙක තුළ අළුතින් ජාතික පාසල් 81ක් ආරම්භ කරන බව සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා සඳහන් කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ එදින Zoom තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවකට එක් වෙමිනි.

රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, ප්‍රධාන ලේකම් රංජනී ජයකොඩි, පළාත් අධ්‍යක්ෂ සේපාල කුරුප්පුආරච්චි යන මහත්ම මහත්මීන් ද මීට එක්විය.

ඒ අනුව එම සියලු පාසල් සඳහා රජය මඟින් රුපියල් ලක්ෂ 20 බැගින් ලබා දීමට කටයුතු කර ඇතැයි සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා මෙහිදී පැවසීය.

එම මුදල් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමටත්, විද්‍යාලයේ අළුත් වැඩියා කටයුතු සදහාත් වෙන් කර ඇතැයි ඒ මහතා පැවසීය.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...