සරසවි සඳහා අයදුම්පත්‍ර භාර ගැනීම 21 දා සිට

2025 අප්‍රේල් මස 07 ප.ව. 07:02 - {{hitsCtrl.values.hits}}  

2020/2021 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවාගැනීමේ අයදුම්පත් භාරගැනීම මැයි මස 21 වන දින සිට ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

පසුගිය වසරේ අපොස උසස් පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල නිකුත් කළ දරුවන්ගේ අයදුම්පත් අන්තර්ජාලය හරහා ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත යොමුකළ යුතු බව එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

සිසුන් විසින් පුරවන ලද පෝරමයේ ඡායාරූපයක් ගෙන එය අත්සන් තබා සහතික කර apply2020@UGC.ac.lk යන විද්‍යුත් ලිපිනයට යොමුකළ යුතු බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

එමෙන්ම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන ශිෂ්‍ය අත්පොත ද එදිනම නිකුත් කරන බව පැවසු සම්පත් අමරතුංග මහතා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා වෙබ් අඩවියෙන් ද  ශිෂ්‍ය අත්පොත භාගත කර ගත හැකි බව ද පැවසීය.

ජූනි මස 11 වන දින තෙක් අයදුම්පත් භාරගැනීම සිදුකරයි.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...