සා.පෙළ ප්‍රවේශපත් තැපෑලට

2025 අප්‍රේල් මස 07 ප.ව. 11:15 - {{hitsCtrl.values.hits}}  

ලබන මාර්තු මස 01දා ආරම්භ වන අ.පො.ස. සාමාන්‍ය පෙළවිභාගයටඅදාළපාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර විදුහල්පතිවරුන් වෙතත් පෞද්ගලිකඅයඳුම්කරුවන්ගේ ප්‍ර‘වේශපත්‍ර ඔවුන්ගේ ලිපිනයන් වෙතත් තැපැල්කර යවා තිබෙන බව විභාග දෙපාර්තමේන්තුවසඳහන් කරයි.

විදුහල්පතිවරුන් හා පෞද්ගලිකඅයඳුම්කරුවන් වෙත ලැබී තිබෙනප්‍ර‘වේශපත්‍රවලවිෂය සංශෝධන,මාධ්‍ය සංශෝධන හා නම් සංශෝධනය කිරීමටතිබෙනවා නම් එය මාර්ගගත ක්‍රමයට සිදුකර ගතයුතු බවද විභාග දෙපාර්තමේන්තුවසඳහන් කරයි.

සියලුමසංශෝධන මෙවර පළමුවරට මාර්ගගත (Online)ක්‍රමයට සිදුකරන බවත්,එක් අයඳුම්කරුවෙකුට සංශෝධනකරගත හැකි වන්නේ එක් අවස්ථාවක් පමණක්බවත්එම දෙපාර්තමේන්තුවපෙන්වා දෙයි.

විධිමත් පරීක්ෂණයකින් තහවුරු කරගත් නාම සංශෝධන පමණක් දත්ත පද්ධතියේ යාවත්කාලීනකරන බවත්,එහෙත් විභාග මධ්‍යස්ථාන මාරු කිරීමසිදුනොකරන බවත් විභාග දෙපාර්තමේන්තුවසඳහන් කරයි.(WMDJBM)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...