සාපෙළ කාලසීමාවේ ආපදා බාධා අවම කර ගැනීමට සැලැස්මක්

2025 අප්‍රේල් මස 07 ප.ව. 11:23 - {{hitsCtrl.values.hits}}  

2020 දී සාමාන්‍ය පෙළ විභාග රට තුළ පැවැති COVID-19 වසංගත තත්වය හේතුවෙන් දෙසැම්බර් මාසයේ නොහැකි වු අතර  සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පනවා ඇති මාර්ගෝදේශ සැලකිල්ලට ගනිමින්  2021 මාර්තු 01 දින සිට 10 දක්වා පැවැත්වීට නියමිතව ඇත.

ආපදා කළමානකරණ මධ්‍යස්ථානය හා විභාග දෙපාර්තමේන්තුව සමග එක්ව මෙවර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා හේතුවෙන් ඇති විය හැකි බාධාවන් අවම කර ගැනීම සදහා වන මාර්ගෝපදේශ සහ මෙහෙයුම් සැලැස්මක් සකස් කර ඇත.

මෙම මාර්ගෝදේශ සැලැස්ම අනුව කිසියම් උපද්‍රවයක් හේතුවෙන් විභාගයට බාධාකාරී බලපෑමක් එල්ලවේ නම් ආපදා කළමානරකණ මධ්‍යස්ථානයේ ක්ෂණික දුරකථන අංක 117 අමතා ඒ පිළිබද දැනුම් දීමට හැකි අතර විභාගය සම්බන්ධයෙන් වන ඕනෑම ගැටලුවක් සදහා 1911 දුරකථන අංකයට සෘජුවම පිවිසිය හැකිය.  එසේම පෙබරවාරි 28 සිට මාර්තු 11 දක්වා කාලය තුළ පැය 24 පුරා හදිසි හදිසි සම්බන්ධීකරණ කාර්යාලයක් විභාග දෙපාර්තමේන්තුව තුළ ස්ථාපිත කර ඇති අතර විභාග කාල සීමාව තුළ ගැටලු සදහා විමසුම් කළ හැකි නිළධාරීන්ගේ දුර කථන අංක සහ සම්බන්ධවිය හැකි ආකාරය මාර්ගෝපදේශ සහ මෙහෙයුම් සැලැස්මට ඇතුලත් කර ඇත.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...