සාපෙළ තවදුරටත් කල් යයි

2025 අප්‍රේල් මස 09 පෙ.ව. 03:25 - {{hitsCtrl.values.hits}}  

වත්මන් තත්ත්වය මත සාමාන්‍ය පෙළ විභාගය නියමිත දිනයට පැවැත්වීම සුදුසු නොවන බවත් විභාගය පැවැත්වෙන නව දිනයන් සති 06 කට පෙර දැනුම් දීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල්.පිරිස් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේය.

දෙසැම්බර් මාසය පළමු සතිය වන විට අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පෙනී සිටින සිසු සිසුවියන්ට අධ්‍යාපනය ලබාදීම සඳහා පාසැල් සියල්ලම විවෘත කිරීමට හැකියාවක් නොමැති බැවින් මෙම තීරණය ගනු ලැබූ බවද ජී.එල්. පීරිස් මහතා පැවැසීය.

රටේ පවතින සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සති දෙකකට වරක් සමාලෝචනය කොට සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමේ නව දිනයන් සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...