සිනෝවැක් එන්නතෙන් සියයට 83ක ආරක්ෂාවක්

2024 දෙසැම්බර් මස 22 ප.ව. 07:29 - {{hitsCtrl.values.hits}}  

චීන ඖෂධ නිෂ්පාදක සමාගමක් වන සීනෝවාක් විසින් නිපදවන ලද කොරෝනාවැක් එන්නත මාත්‍රා දෙකක් මගින් කොවිඩ් වසංගතයට එරෙහිව සියයට 83.5 ක ආරක්ෂාවක් ලබා දෙන බව  ඉහළ වෛද්‍ය සඟරාවක් වන ද ලැන්සෙට් හි ප්‍රකාශයට පත් කරන ලදී.

වයස අවුරුදු 18-59 අතර සහභාගීවන්නන් 10,000 කට වැඩි සංඛ්‍යාවක් යොදාගෙන කරනු ලැබූ තුන්වැනි අදියරේ අත්හදා බැලීමකින් අනතුරුව මෙම දත්ත ප්‍රකාශයට පත්කර තිබේ.

2020 සැප්තැම්බර් සිට 2021 ජනවාරි දක්වා තුර්කියේදී මෙම පරීක්ෂණ සිදුකර තිබේ. සහභාගිවූවන්ට දින 14 ක කාල පරාසයක් තුළ කොරෝනාවැක් මාත්‍රා දෙකක් ලබා දෙන ලදී.

මෙහිදී එන්නත ආරක්ෂාකාරි බවත් ශක්තිමත් ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ඇති කරන බවත් නිගමනය කර තිබේ.

සෙල්සියස් අංශක 2-8 අතර ගබඩා කර ප්‍රවාහනය කළ හැකි මෙම එන්නත රටවල් 20 කට වැඩි ගණනක හදිසි භාවිතය සඳහා අනුමත කර ඇති අතර 2020 මැද භාගයේ සිට බ්‍රසීලය, ඉන්දුනීසියාව, චිලී සහ තුර්කිය යන රටවල තුන්වන අදියර අත්හදා බැලීම්වල යෙදී ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ජුනි 1 වන දින හදිසි භාවිතය සඳහා එය අනුමත කරන ලද අතර එයින් අදහස් වන්නේ එය ආරක්ෂාව, කාර්යක්ෂමතාව සහ නිෂ්පාදනය සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන බවයි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...