2024 නොවැම්බර් මස 18 පෙ.ව. 06:13 - {{hitsCtrl.values.hits}}
සීතල යුද්ධය සාමකාමී අවසානයකට ගෙන ආ සෝවියට් දේශයේ අවසන් නායකයා වූ මිහායිල් ගොර්බචෙව් (91) අභාවප්‍රාප්ත විය.
1985 දී බලයට පත් වූ ගොර්බචෙව් මහතා එවකට සෝවියට් සංගමය ලෝකයට විවෘත කළ අතර ප්‍රතිසංස්කරණ මාලාවක් හඳුන්වා දුන්නේය.
එහෙත් නූතන රුසියාව මතු වූ විට සෝවියට් සංගමයේ මන්දගාමී බිඳවැටීම වැළැක්වීමට ඔහුට නොහැකි විය.
ඔහු දිගු කලක් බරපතල රෝගාබාධයකින් පෙළුණු බව ඔහු මියගිය රෝහල පවසයි. මෑත වසරවලදී ඔහුගේ සෞඛ්‍ය තත්වය පිරිහෙමින් තිබුණි.
ඔහුගේ මරණයට හේතුව ප්‍රකාශ කර නොමැති නමුත් වකුගඩු ආබාධයකින් පෙළීමෙන් ඔහු රෝහල් ගත කර ඇති බව ජුනි මාසයේදී ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.
ගොර්බචෙව් මහතාගේ අභාවයෙන් පසු රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සිය බලවත් ශෝකය ප්‍රකාශ කළ බව ඔහුගේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් රුසියානු ප්රවෘත්ති ඒජන්සිය වන ඉන්ටර්ෆැක්ස් වෙත ප්‍රකාශ කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more... |
diary Read more... |