හැටන් බොස්කෝ විදුහලේ සිසුවෙකුටත් කොවිඩ්

2025 අප්‍රේල් මස 09 පෙ.ව. 03:44 - {{hitsCtrl.values.hits}}  

හැටන් කලාප අධ්‍යාපන කර්යාලය යටතේ පාලනය වන හැටන් බොස්කෝ විද්‍යාලයේ 9 ඒ වසරේ අධ්‍යාපනය ලබන 14 හැවිරිදි පාසල් සිසුවෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්.ආර්.එස් මැදවෙල මහතා පැවසිය.

කොවිඩ් 19 වෛරසය අසාදනය වු සිසුවා (21) දින පාසල් වේලාව තුළ ඇද වැටිම නිසා එම පාසල් ඔහු ප්‍රතිකාර සඳහා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු රෝහලේදි සිදු කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාව අනුව කොවිඩ් 19 අසාදනය වී ඇති බවට ඊයේ (22) තහවුරු වු බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

අසාදිත සිසුවාගේ පන්ති කාමරයේ සිසුන් 37 දෙනෙකු , අචාර්ය මණ්ඩලයේ 14 දෙනෙකු ,අසාදිත සිසුවාගේ මව සේවය කරන හැටන් කලාප අධ්‍යාපන කාර්යයාලයේ කාර්ය මණ්ඩලයේ 06 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර සිසුවා අධ්‍යාපනය ලැබු එම පාසලේ පන්ති කාමරය විෂබිජහරණය කිරිම සඳහා තාවකාලිකව වසා දැමූ බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේය.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...