2025 මාර්තු මස 31 ප.ව. 11:08 - {{hitsCtrl.values.hits}}
හැරී කුමරු විසින් රචනා කළ ‘Spare’ ග්‍රන්ථය ප්‍රකාශයට පත්කළ පළමු දිනයේදීම පිටපත් මිලියන 1.43ක් අලෙවි වෙමින් ලෝක වාර්තාවක් පිහිටවා තිබේ. ඒ අනුව එක්දිනක් තළ වැඩිම පිටපත් සංඛ්‍යාවක් අලෙවි වූ ලෝකයේ ප්‍රබන්ධ නොවන ග්‍රන්ථය බවට හැරී කුමරුගේ පොත ගිනස් වාර්තාවක් පිහිටුවීය.
මීට පෙර ඇමෙරිකානු හිටපු ජනපති බැරැක් ඔබාමා 2020දී ප්‍රකාශයට පත්කළ ‘A Promised Land’ ග්‍රන්ථය පළමු දිනයේදී පිටපත් 887000ක් අලෙවි වී වාර්තාව පිහිටුවා තිබුණි.
‘Spare’ ග්‍රන්ථය පිටපත් මිලියන දෙකක මුද්‍රණයක් සහිතව ඇමරිකාවේ නිකුත් වූ අතර, එම අතිමහත් ඉල්ලුම සපුරාලීම සඳහා දෙවන මුද්‍රණය සිදුකිරීමට සැලසුම් කර තිබේ.
මෙම පොතේ ආවරණ මිල එක්සත් ජනපදයේ ඩොලර් 36 (රු. 2,926) සහ එක්සත් රාජධානියේ පවුම් 28 (රු. 2,783) වුවද, සමහර වෙළඳුන් සියයට 50 දක්වා වට්ටම් ලබා දෙයි.
හැරී කුමරු විසින් ප්‍රකාශයට පත්කළ මෙම ග්‍රන්ථයේ ඇතැම් කරුණු පිළිබඳව ලෝකයේ බොහෝ අවධානය යොමුවිය. එහිදී තම සහෝදරයා වන විලියම් කුමරු 2019 දී ආරවුලකදී තමන්ට ඔහුට ශාරීරිකව පහර දුන් බවත් ඇෆ්ගනිස්ථානයේ මෙහෙයුම් කරමින් සිටියදී තලේබාන් සංවිධානයේ 25 දෙනෙකු මරා දැමූ බවත් ඔහු හෙළිකර තිබුණි.
![]() |
diary Read more... |