ළමා දිනයට සත්වෝද්‍යානවලින් ලැබෙන තෑග්ග

2024 දෙසැම්බර් මස 21 ප.ව. 07:12 - {{hitsCtrl.values.hits}}  

ඔක්තෝම්බර් මස 01 වනදිනට යෙදෙන ලෝක ළමා දිනය සැමරුමට සමගාමීව දෙහිවල ජාතික සත්වෝද්‍යානය  පින්නවල අලි සුරැකුම් මධ්‍යස්ථානය, පින්නවල සත්වෝද්‍යානය ,හම්බන්තොට සපිරී යන උද්‍යානයන්  සදහා වයස අවූරදු 12 න් පහල සියලු ළමුන් සදහා නොමිළයේ ඇතුල්වීමට පහසුකම් සලසා ඇතැයි  ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ මෙහෙයුම් අනෝමා ප්‍රියදර්ශනී මහත්මිය පැවසීය .

දැයේ දූ දරුවන්ගේ අධ්‍යාපන දැනුම ,ස්වභාවික සම්පත් හා පරිසර සංරක්ෂණ පිළිබඳව ආකල්ප වැඩි දියුණු කිරීම, දූ දරුවන්ගේ හැකියාවන් ඔප් නැංවීම ,විනෝදාස්වාදය ලබාදීම වැනි අරමුණු කීපයක් ඔස්සේ දෙහිවල ජාතික සත්වෝද්‍යානය පරිශ්‍රයේදී වැඩ සටහන් රාශියක්  පෙ,ව 8.30 සිට ප.ව.5.00 දක්වා සංවිධානය කරනු ලැබ ඇතැයි නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා   දිනුෂිකා මානවඩු මෙනෙවිය වැඩි දුරටත් කියා සිටී.

දෙහිවල-එච්.එම්.ධර්මපාල 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...