ළමුන් අතර කොවිඩ් පැතිරීම වේගවත් වෙයි

2025 අප්‍රේල් මස 07 ප.ව. 04:52 - {{hitsCtrl.values.hits}}  

ළමුන් අතර රෝගය පැතිර යෑම පසුගිය සතියේ වේගවත්ව ඇති බව ශ්‍රී ලංකාවේ ප්‍රධානතම කොවිඩ් ප්‍රතිකර මධ්‍යස්ථානයක් වන හෝමාගම මූලික රෝහලේ වෛද්‍යවරුන් පැවැසූ බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

හෝමාගම මූලික රෝහේලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව සිය ෆේස් බුක් පිටුවෙන් ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.

එන්නත් මාත්‍රා දෙකම බාගත් අයට රෝගය වැළඳුනද එහි බලපෑම අවම බව වෛද්‍යවරු සඳහන් කළ බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවැසීය. නිධන්ගත රෝගාබාධවලින් පෙලෙන COVID 19 වැළඳුනු රෝගීන් බහුතරයක් හෝමාගම කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන බවත් ඉහල යන රෝගීන් ප්‍රමාණය හමුවේ උපරිම සේවයක් ලබා දීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ප්‍රශංසනීය සේවයක් ඉටු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...