‍පෙර පාසල් ගුරුවරුන්ට රු 250 වෙනුවට රු 2500ක්

2025 අප්‍රේල් මස 07 ප.ව. 07:05 - {{hitsCtrl.values.hits}}  

පෙර පාසල් ගුවරුවන් සදහා දැනට ලබාදෙන රුපියල් 250 මාසික දීමනාව රුපියල් 2500ක් දක්වා වැඩි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.

මෙහි පළමු අදියර ලෙස සුදුසුකම් සපුරා ඇති පෙර පාසල් ගුරුවරුන් 25,000කට මෙම දීමනාව හෙට (01දා) සිට ක්‍රියාත්මක වන පරිදි ලබාදීමට නියමිතය.

ප්‍රතිලාභීන් තෝරාගැනීම සදහා ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය රැකෙන පරිදි වැඩිදියුණු කරන ලද නිර්ණායක ද අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව අදළ ගුරුවරුන්ගේ වයස අවුරුදු 18ට වැඩි විය යුතු අතර, 65ට අඩුවිය යුතුය, ගුරුවරුන්ගේ අවම අධ්‍යාපන සුදුසුකම ලෙස අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සමත්ව තිබීම හා පෙර පාසල් පිළිබද මුල් ළමාවිය සංවර්ධනය පිළිබද ජාතික ලේකම් කාර්යාලයේ යටතේ ලියාපදිංචි ආයතනයකින් ලබාගත් මුල් ළමාවිය සංවර්ධනය/ පෙර පාසල් පිළිබද ඩිප්ලෝමාවක් තිබීම හෝ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් පිළිගත් විශ්ව විද්‍යාලයකින් හෝ ආයතනයකින් ලබාගත් මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය/ පෙර පාසල් පිළිබද එක් අවුරුදු ඩිප්ලෝමා/ සහතික පත්‍ර පාඨමාලාවක් හදාරා  තිබීම හෝ තාක්ෂණික හා වෘත්තිය අධ්‍යාපන කොමිෂන් සභාව මගින් ප්‍රතිකනය කරන ලද පුහුණු ආයතනයකින් ලබාගත් මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය / පෙර පාසල් පිළිබද ඩිප්ලෝමා සහතික පත්‍ර පාඨමාලාවක් හදාරා තිබීම අනිවාර්යය වේ.

මෙම නිර්ණායක ද සමග අධ්‍යාපන අමාත්‍යවරයා විසින් තවත් නිර්ණායක 7ක් ඉදිරිපත් කර තිබේ.  

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...