’බුරවි’ අද පස්වරුවේ දිවයිනට

2025 අප්‍රේල් මස 09 පෙ.ව. 03:29 - {{hitsCtrl.values.hits}}  

‘බුරවී’ ​සුළි කුණාටුව අද (2) ත්‍රිකුණාමලයට කි.මී. 240 ක් නැගෙනහිරට වන්නට ගිනිකොණ දෙසින් උතුරු අක්ෂාංශ 8.4 ත් නැගෙනහිර දේශාංශ 83.4 ත් ආසන්නව ස්ථානගතව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මෙම සුළි කුණාටුව ත්‍රිකුණාමලය සහ පේදුරු තුඩුව අතරින් මුලතිව් වලට ආසන්න ශ්‍රී ලංකාවේ ඊසාන දිග වෙරළෙන් දිවයිනට අද (2) රාත්‍රී කාලයේ ඇතුළු විය හැකි බව කාලගුණ දෙපාර් තමේන්තුව පවසයි.

සුළි කුණාටුවේ වේගය පැයට කිලෝමීටර  80 – 90 ත් දක්වා පමණ වන බවත් විටන් විට කිලෝමීටර 100 දක්වාත් වැඩිවිය හැකි බව දැක්වේ.

මේ හේතුවෙන් ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය දක්වා සහ පූනරින් සිට පුත්තලම දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ, උදම් රළ මට්ටමට වඩා මීටර් 1 ක් පමණ ඉහළ යා හැකි අතර වෙරළාසන්න පහත්බිම් ජලයෙන් යටවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර් තමේන්තුව පවසයි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...