“මාත්ගමුව පන්සල” සඟසතු කොට පූජා කෙරේ

2025 ජනවාරි මස 30 පෙ.ව. 12:59 - 299  

ඓතිහාසික මල්වතු මහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කෙරුණු “මාත්ගමුව පන්සල” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සඟසතු කොට පූජා කෙරේ.

අද (05) පෙරවරුවේ මල්වතු මහා විහාරයට පැමිණි ජනාධිපතිවරයා මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමිපාණන්වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

මල්වතු මහා විහාර භූමියේ පිහිටි මාත්ගමුව පන්සල් පැරණි ගොඩනැඟිල්ල සම්පූර්ණයෙන් ඉවත් කර ජනාධිපතිතුමාගේ උපදෙස් මත නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් වසරක් තුළ නව තෙමහල් ගොඩනැඟිල්ල ඉදි කෙරිණ.

ඓතිහාසික චාරිත්‍රයන්ට අනුව නව ගොඩනැඟිල්ල සඟසතු කොට සන්නස් පත්‍රයක් මගින් මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන්ට ජනාධිපතිවරයා අතින් පූජා කෙරිණ.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා ගොඩනැඟිල්ලේ යතුර අනුනායක හිමියන් වෙත පූජා කළේය.

මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා ආශිර්වාද පළ කළහ.

අනතුරුව අස්ගිරි මහා විහාරයට පැමිණි ජනාධිපතිතුමා අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රි ඥානරතන හිමියන්  බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...