පොලොන්නරුවේ ශිව දේවාල

2024 දෙසැම්බර් මස 22 පෙ.ව. 11:29 - {{hitsCtrl.values.hits}}  

පසුගිය කලාපයෙන් ඓතිහාසික පොලොන්නරැ නගරයේ නටබුන්ව පවතින පොකුණු පිළිබඳව විස්තර ඉදිරිපත් කළෙමු. මෙවර කලාපයෙන් අප ගෙන එන්නේ එම ඓතිහාසික භූමියේ අදටත් ශේෂව පවතින ශිව දේවාල ද්විත්වය පිළිබඳවයි.   

අංක 01 ශිව දේවාලය


13 වන සියවසේදී පෙලොන්නරැවේ ඉදි වූ අංක 01 ශිව දේවාලය පාණ්ඩ්‍ය ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රමයට අනුව නිමවා ඇත. මෙම ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රමය, චෝල ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රමයට වඩා බෙහෙවින් සියුම් වූත් අලංකාර වූත් ශිල්පීය ක්‍රමයකි. කළු ගල් එකිනෙකට සම්බන්ධ කොට ගොඩනැගිලි නිමවා ඇත්තේ ඉතා සියුම් අන්දමිනි. දෙවොලේ පහත කොටස කළු ගලින් ද ඉහළ කොටස ගඩොලින් නිම කොට තිබූ බව පෙනෙයි. මණ්ඩපය, ගර්භ ගෘහය හා අන්තරාලය යන අංග වලින් දෙවොල සමන්විත වෙයි. මෙම දොවොලේ තිබී ලෝකඩ ප්‍රතිමා රුසක් හමු වී ඇත. නර්තනයේ යෙදෙන ශිව දේව ප්‍රතිමාව හා පාර්වතී දේවිය සමඟ සිටින ශිව දෙවියන් යන මූර්ති අතර වෙයි. 

අංක 02 ශිව දේවාලය


පොලොන්නරැවේ ඇති ශිව දේවාල අතුරින් පැරණිතම ශිව දේවාලය ලෙස සැලකෙයි. මෙම ශිව දේවාලයයි. පොලොන්නරැව ආක්‍රමණය කළ පළමුවන රාජේන්ද්‍ර චෝල නම් චෝල රජු විසින් ඔහුගේ මව වන වානවන් මහා දේවි ඊස්වරම් ( ඉසාර මුදියර්)  උදෙසා මෙය ඉදිකළ බව දෙවොලේ ඇති සෙල්ලිපියක සඳහන් වෙයි. තනි කළු ගලින් නිමවා ඇත. දකුණු ඉන්දීය ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රමයට අනුව ගොඩනැගිල්ල නිමවා ඇත. බාහිර බිත්ති බොරදම් හා විමානාකාර හැඩ වලින් අලංකාර කර ඇත. ගොඩනැලිල්ල ගර්භ ගෘහයකින් හා ආලින්දයකින් සමන්විත වෙයි. ගර්භ ගෘහය තුළ ශිවලිංගය තැන්පත් කර තිබීමෙන් හින්දූන් අතර එකල මෙහි ශිව ලිංග පූජාව පැවැති බවට අනාවරණය වෙයි. ඉදිරිපස දොරටුව දෙපස ශිව දෙවියන්ගේ වාහනය වූ නන්දි ගවයාගේ  ශෛලමය කැටයම් දෙකකි. දෙවොල අභ්‍යන්තරයේ තිබී හමු වූ ලෝහමය ප්‍රතිමා කිහිපයක් අද වන විට කෞතුකාගාරවල ප්‍රදර්ශණය කෙරේ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...