2025 පෙබරවාරි මස 05 ප.ව. 12:26 - {{hitsCtrl.values.hits}}
ශ්‍රී ලාංකික ගෘහ නිර්මාණ ශිල්පයේ අති විශිෂ්ට නිර්මාණයක් වන මෙම ඇම්බැක්කේ දේවාලය උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇත. මෙය ගම්පොල යුගයේ ඉදි කෙරැණු බව “ඇම්බැක්ක වර්ණනාව” නම් ග්‍රන්ථයේ සඳහන්ය.
III වික්‍රමබාහු රජුගේ බිසව වන හෙණකඳ බිසෝ බණ්ඩාර හා රංවල නැමැති ගමේ බෙරවාදකයකු විසින් මෙම ස්ථානයේ තෙමහල් දේවස්ථානයක් සෑදූ බව ඉතිහාසයේ සඳහන් වේ. එහෙත් එහි කිසිදු කොටසක් දක්නට නැති මුත් විශිෂ්ට ලෙස කැටයම් කරන ලද දැව කණු මත පේකඩ හා හරස් බාල්ක යොදා රාජාධි රාජසිංහ රජුගේ කාලයේ ඉදි කරන ලද දැව කැටයම් සහිත දිග් ගෙය හා දේවාලය මෙහි දක්නට ලැබේ.
ගෘහ නිර්මාණ සම්ප්රදායේ ප්‍රෞඪත්වය විදහා දැක්වෙන වැදගත් ඉදිකිරීමකි ඇම්බැක්කේ දේවාලය. මැද පිහිටි මහා දේවාලය හෙවත් වැඩ සිටින මාලිගය ලෙස හැඳින්වෙන ගර්භගෘහය දෙමහල් වන සේ නිමවා ඇත. මුදුන් වහලයේ පියස්සකි. පහත මාලයේ බිත්ති ආවරණය වීමට සතර පැත්තෙන් පියසි කොන් නිමවා ඇත. පහත මාලයේ මුදුන් මාලය වෙන් කෙරෙනුයේ ලොකු දාදු කැටයක් මත ඊට ප්‍රමාණයෙන් කුඩා වූ දාදු කැටයක් තැබූ අයුරිනි.
දිග්ගෙය, හේවිසි මඩුව යන නමින්ද හඳුන්වනු ලැබේ. හුණු මැටියෙන් කළ දෙව් මැදුරට යාබදව මෙම දැව කණු ශාලාව පිහිටා ඇත. මෙම දෙවොල ලී කැටයම් අතින් පමණක් නොව ලීයෙන් කළ දේවාලයේ පියස්ස ද විශ්වකර්ම නිර්මාණයකි. පරාල 26ක් එක ලී අැණයකින් සම්බන්ධ කළ මඩොල් කුරැපාව මෙහි ඇති විශේෂත්වයයි. වහල සෙවිලි කිරීමට භාවිත කර ඇත්තේ “පෙති උළු” නම් විශේෂ උළු වර්ගයකි. දිග්ගෙය අඩි දෙකහමාරක් පමණ උස් වූ අඩිතාලමක් මත තනා ඇත. මෙහි කැටයම් කළ ගම්මාළු ලී කණු 32ක් වෙයි. කුලුනු හිසෙහි මුතුදැල් මෝස්තරයක් ද ඇත. කුලුනු පාද අටපට්ටම් ය. චතුරස්‍රය පෙන්වන තැන නාගබන්ධන හා ගැටලියපත් මෝස්තරය හඳුනාගත හැකිය. ඇම්බැක්කේ හේවිසි මඩුවෙහි පේකඩ මත නැංවූ තලාඳවල ද කැටයම් වැලකි.
ඇම්බැක්කේ දේවාලයේ කණු සඳහා යොදා ගෙන ඇත්තේ ඉතාම දුර්ලභ ලී වර්ගයක් වන ‘ගම්මාලු’ය. මෙහි කුලුනු විවිධාකාර කැටයම්වලින් අලංකාර කර තිබේ.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |