2025 මාර්තු මස 13 පෙ.ව. 05:24 - {{hitsCtrl.values.hits}}
අනුරාධපුර යුගයට අයත් මෙම ප්‍රතිමාව අනුරාධපුර තොලුවිල ග්‍රාමයේ තිබී හමුවී ඇත. ප්‍රතිමාව ක්‍රිස්තු වර්ෂ 800 අවධියට අයත් වේ. පිළිමයේ උස අඩි 5 අඟල් 9 කි. පිළිමයේ දණහිස් අතර පළලද ඒ හා සමාන වේ. නිවැරදි නිර්නායකන්ට අනුකූලව නෙළන ලද ප්‍රතිමාවකි. සමාධි සුවයෙන් වැඩ හිඳී. කලා ලක්ෂණ අතින් අනුරාධපුර සමාධි බුද්ධ ප්‍රතිමාවට සමාන වේ. ධ්‍යාන සුවයෙන් වීරාසන ක්‍රමයට වැඩහිඳින මෙහි උෂ්නිෂය සමාධි පිළිමයට වඩා මදක් උස්ව පෙනේ. අඩවන් දෙනෙතින් නුදුර බලා සිටින අයුරක් දක්වයි.
බුදුන් වහන්සේගේ පරමෝත්තම ඥානයේ හා අසීමිත කරැණාවේ ප්‍රතිමූර්තියකි. ප්‍රතිමාවේ හිසට පිටුපසින් නොකපා ඉතිරි කරන ලද ආයත චතුරස්‍රාකාර කොටසකි. මෙය ප්‍රභා මණ්ඩලයක් සවිකිරීමට යොදන ලද්දක් විය හැකිය. බුදුන් වහන්සේගේ ශාන්ත ගුණයත්, මහා කරැණා ගුණයත් මේ පිළිමයෙන් මැනවින් නිරෑපණය කරයි. පිළිමයේ සමස්ත හැඩය ත්‍රිකෝණාකාර ස්වරෑපයක් ගනී. චීවරය රුලි රහිතය. ඇඟට ඇළුණු ස්වරෑපයෙන් නෙළා ඇත. දැනට මෙය කොළඹ කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනයට තබා ඇත.
බෙල් මහතා
අනුරාධපුර පබ්බතාරාමයේ ගොඩනැගිලි සංකීර්ණයේ දකුණු මළුවේ ප්‍රතිමා ගෘහයකින් මෙය හමුවී ඇත. ඉන්දියාවේ මථුරා කලා සම්ප්‍රදායේ ආභාසය ලැබී ඇති බව ප්‍රතිමාව අධ්‍යයනය කරන විට පෙනේ. බුදුන් වහන්සේගේ චිත්ත ඒකාග්‍රතාව මැනවින් පෙන්නුම් කරයි. අනුරාධපුර අග භාගයේදී පමණ නිර්මාණය කරන්නට ඇතැයි සැලකේ. ක්‍රි. ව. 1890 දී එවකට පුරාවිද්‍යා කොමසාරිස් ධූරය හෙබවූ එච්. සී. පී. බෙල් මහතා මෙම අග්‍රගණය ප්‍රතිමාව සොයා ගෙන ඇත. අනුරාධපුරයෙන් හමුවූ අනර්ඝතම බුද්ධ ප්‍රතිමාව මෙය බව බෙල් මහතාගේ අදහසයි. ප්‍රතිමාවෙන් මතුවන උත්තර ශ්‍රේෂ්ඨත්වය එසේ පවසන්නට හේතු වන්නට ඇතැයි සිතිය හැකිය. අක්බඹරැ වආකාරයෙන් ප්‍රතිමාවේ හිසකෙස් නෙළා ඇත.
![]() |
diary Read more... |