2025 පෙබරවාරි මස 22 ප.ව. 11:28 - {{hitsCtrl.values.hits}}
මඩ ගොහොරැවක ඉපිද
නිල්වන් ජල දහරෙන්
සූර්යාලෝකය සොයාගෙන
උඩට මතුවන
නෙළුම් මල් පොහොට්ටුව
කෙතරම් ලස්සන ද ඔබ
කෙතරම් මිහිරි සුවඳක් ද
ඒත් යම් දිනෙක ඔබ පිපී පරවී ගිය කලෙක
කවුරැවත් ඔබ දිහා බලයිද වර්ණනා කරයිද
නෙළුම් මල් පොහොට්ටුව
එහෙත් ඔබ පිපී පරවී යන්නට පෙර
බුදු රජුටවත් පූජා වී වටිනාකමක් ඇතිව
පරවී යයිද
පිපෙන්නට වැර දරන
පුංචි මල් පොහොට්ටුව
ප්‍රසාද් කාංචන
6 ශ්‍රේණිය,
මො/රාජකීය ජාතික පාසල, මොනරාගල.
![]() |
diary Read more... |