2025 පෙබරවාරි මස 22 ප.ව. 11:05 - {{hitsCtrl.values.hits}}
අවදි වි බලන්න එක් රුයක් ලොව දෙස
එකී රූ මනුලොවම නිදන විට
තුරැලිය නගනවා මිහිරි ස්වර
ඒ ස්වරවලට තබමින් තාල
නිශාචර ලොව අවදිව ඇත
නිදි මුත් අප සැම
බලා සිටිමි මම එක් මලක් දෙස
එය පොළොවට වැටෙයි හිස නමාගෙන
නටුව ඉහළට විහිදුණු සේපාලිකා මල
මිහිමවට කෙතරම් ආදරෙයි ද
පඳුරක සමන් මල් ගොමුවක් සිත ඇදෙන
ඒ අතරින් බැස එන සඳකිරණ මවයි රටා
තුරැ ගොමුවල තත් ස්වර සමග
හිරැ නිදිමුත් මේ රුයෙහි
සඳ තනි මකයි තරැ පිරි රූ අහසේ
ඔෂධී අමරසිංහ
9 ශ්‍රේණිය,
ගා/ශ්‍රී හෘදය කන්‍යාරාමය, ගාල්ල.
![]() |
diary Read more... |