අතීතයෙන් ඔවදනක්

2025 අප්‍රේල් මස 22 පෙ.ව. 12:59 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී මහා බෝධි රන්මැලි සෑ     මිරිසවැටී
පෙර සිරි ලකෙහි තතු කියනා අගය     සැටී
රන් රිදී මුතු මැණිකට වඩා හුඟක්     වටී
ඒවා බිඳ දමා මිනිසා තනයි     කුටී

පරදේසීන් මෙහි ඇවිදින් සිනා     වෙලා
දන්තුරේ ගන්නොරැ සටනින්     පැරදීලා
සිහළ දනන් සිටියේ එඩි සිතින්     බලා
තැබු පය නෑ කිසිදා පසුපස     තියලා

වටිනා කියන ඉතිහාසය උරැම     නිසා
වෙසෙනා එකත් සතුටකි දුක කරයි     නසා
පෙර දන පා තැබූ මග ඔස්සේ ම     අසා
ගුණ දම්  බිහි කරමු ද මානයම     වසා

සඳමිණි රවිහංසා සරණසූරිය
10 ශ්‍රේණිය,
බ/විශාකා බාලිකා මධ්‍ය මහා විද්‍යාලය,
බණ්ඩාරවෙල.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...