අපිටත් අවුරැදු

2025 අප්‍රේල් මස 21 ප.ව. 07:03 - {{hitsCtrl.values.hits}}  


ගස්වැල් වල දලු දාලා
කජු ගෙඩි රතු පැහැ වීලා
පුංචි රිලා පැටික්කන්ට
වෙන අවුරැද්දක් කොයින්ද ?

ජම්බු ගහේ ගෙඩි පිරිලා
අඹ ගෙඩි සේරම ඉදිලා
පුංචි ලේන් පැංචියන්ට
වෙන අවුරැද්දක් කොයින්ද ?

නිල් සුදු කහ මල් පිපිලා
රතුවට එරබදු පිරිලා
මල් පැණි බොන සමනලුන්ට
වෙන අවුරැද්දක් කොයින්ද ?

කුස්සියේ බිම ළිප බැඳලා
ගෙදර නෑයෝ එකතු වෙලා
පොඩි කිටියට, පුංචි අපට
වෙන අවුරැද්දක් කොයින්ද ?

මෙත්මි පූර්ණිමා රත්නායක
8 වැනි ශ්‍රේණිය,
ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලය, ඉබ්බාගමුව.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...