2025 අප්‍රේල් මස 21 ප.ව. 06:59 - {{hitsCtrl.values.hits}}
අඹ ගස්වල කජු ගස්වල මල් ලෙළදෙනවා
මී මැස්සන් රොන් ගන්නට එයට ඇදෙනවා
පුංචි ළමෝටත් අවුරැදු ගැන වැටහෙනවා
ඔවුන් එකතු වී තැන තැන ඔලිඳ කෙළිනවා
හැම ගෙදරම කැවුම් කොකිස් සුවඳ දැනෙනවා
කඩ සාප්පුවල රෙදි පිළි නෙතට ගැටෙනවා
සැම දෙනාම ඇඳුම්ගන්න ඒවෙත යනවා
සටපට ගා රතිඤ්ඤා හඬ දසත ඇහෙනවා
අපෙ අම්මාටත් ගේ දොර වැඩ වැඩිවෙනවා
ලහි ලහියේ අවුරැද්දට ලෑස්ති වෙනවා
ගේ පිරෙන්න බඩු අරගෙන තාත්තා එනවා
මිනිසුන්ගේ හදවත්වල සතුට පිරෙනවා
ශාක්‍යා දිවාශණී දිව්‍යානි
7 ශ්‍රේණිය,
කුලි/ කනදුල්ල ධර්මරාජ ආදර්ශ මහා විද්‍යාලය.
![]() |
diary Read more... |