2025 අප්‍රේල් මස 21 ප.ව. 07:33 - {{hitsCtrl.values.hits}}
ගස්වැල්වල දලු දාලා
කජු ගෙඩි රතු පැහැ වීලා
පුංචි රිලා පැටික්කන්ට
වෙන අවුරැද්දක් කොයින් ද?
ජම්බු ගහේ ගෙඩි පිරිලා
අඹ ගෙඩි සේරම ඉදිලා
පුංචි ලේන් පැංචියන්ට
වෙන අවුරැද්දක් කොයින් ද?
නිල් සුදු කහ මල් පිපිලා
රතුවට එරබදු පිරිලා
මල් පැණි බොන සමනලුන්ට
වෙන අවුරැද්දක් කොයින් ද?
කුස්සියෙ බිම ළිප බැඳලා
ගෙදර නෑයො එකතු වෙලා
පොඩිහිටියට පුංචි අපට
වෙන අවුරැද්දක් කොයින් ද?
මෙත්මි පූර්ණිමා රත්නායක
8 ශ්‍රේණිය,
ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලය,
ඉබ්බාගමුව.
![]() |
diary Read more... |