අපේ ගම

2025 අප්‍රේල් මස 19 ප.ව. 07:14 - {{hitsCtrl.values.hits}}  

කඳු අතරින් හිරැ නැග නැග     එන්නේ
පොහොට්ටුවෙන් මල් විකසිත වි     එන්නේ
නෙළුම් මල්වලින් වැව වැහිලා    යන්නේ
මුළු ගමටම ඉන් හොඳහැටි සුවඳ     බෙදන්නේ

ගම ඔබ්බෙන් කඳු පෙළ     දිස්වන්නේ
ගම රකිනා මහ පවුරක්     වැන්නේ
තුරැහිස නිදිගත් නෙක     විහඟුන්නේ
නාදය මෙන නදට ද     පැරදෙන්නේ

ගමයි පන්සලයි වැවයි     දාගැබයි
කෙත්යායයි ගොවියයි ගම     මහගෙයි
එක් වූ තැන ඒ සැම කොයි     වාගෙයි
සව් සිරියෙන් පිරි සුර පුර     වාගෙයි

සහන් සත්සර
8 ශ්‍රේණිය,
මාර/කොකාවල මධ්‍ය මහා විද්‍යාලය, 
මාතර.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...