2025 අප්‍රේල් මස 10 පෙ.ව. 07:47 - {{hitsCtrl.values.hits}}
නිසල සිතට සිතිවිලි දහම් ගඟුල් ගලන්නේ
විසල පබසර බුදුරුස් දහරින් ම සිත පිපෙන්නේ
නිමල පැහැසර උතුම් ගති සිහියට එන්නේ
අමිල ගුණකඳ පාමින් බුදු හිමි පා නමදින්නේ
ගුවන අතුරා දිදුලනා ඒ බෝ නද
පවන පතුරා සැලෙන බෝ කොළ
දසත මවමින් සිරි සිරි නගන නද
පිපුණු හදවත් සුවඳ දෙයි මුළු ලෝ වෙත
කුසුම් සුවඳින් විහාරය ම සුවඳ හමන්නේ
සිල් සුවඳින් ලෝ තලයම විහිදී යන්නේ
පැතුම් තුඩින් හද බිතු සිතුවම් බලා අඳින්නේ
නිමල සිතින් පුදබිම අසිරිය කියා පාන්නේ
හංසිකා සෙව්වන්දි
11 ශ්‍රේණිය,
ගා/ශ්‍රී සුමංගල ජාතික පාසල,
හික්කඩුව.
![]() |
diary Read more... |