අපේ වැව

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 09:17 - {{hitsCtrl.values.hits}}  

සුන්දර ගම්මානෙ අපේ
තිබෙන වැවත් හරිම අගේ
පිපේ නෙළුම් ඕලු ජලේ
ගමටම අසිරිය ගෙන දේ

පුංචි පුංචි මාළු වැවේ
පිනුම් ගසා දිය කෙළියේ
ඉර අව්වට යටට යතේ
කොළ අස්සේ මුවාවෙතේ

ඉතින් අපේ පුංචි වැවේ
කුණු රොඩු නොදමමින් දියේ
සුරුකීමට එක්වෙමු අපි
අත්වැල් බැඳගෙන මෙලෙසේ

සඳලි නයනමා තෙව්සරණි හේරත්
9 ශ්‍රේණිය,
කුලි/පඬුවස්නුවර එස්.ඩබ්.ආර්.ඩි. බණ්ඩාරනායක ජාතික පාසල,
පඬුවස්නුවර.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...