2025 අප්‍රේල් මස 20 ප.ව. 01:01 - {{hitsCtrl.values.hits}}
කැලයේ මුළා වී ඇවිදින විට සෝකෙන්
හිරැ බැස ගොසින් ලොව ගිලෙනා විට අඳුරෙන්
බිය වී තනිකමින් මිරිකුණු සිත අතරින්
සඳ සේ ඇවිත් මා දෙස බැලුවා අදරින්
කෑ ගස ගසා මා දුවනා විට කැලයෙන්
වැටිලා ගලන රැධිරය මා දුටු සැටියෙන්
ලේ කිරි කර පොවා මා සැනසූ සෙනෙහෙන්
කුසගිනි පවා නැති විය ඈ ගැන මතකෙන්
වැටිලා මං මුළාවේ සිටිනා සැමට
දැනෙනා දුක්ගිනි පාළුව ඇත එමට
කොපමණ අය සිටියත් මෙලොවෙහි අපට
දුක්ගිනි කියන්නේ අවසන අම්මාට
උදානි ආශිංසනා හේරත්
10 ශ්‍රේණිය,
බප/පිළි/බෞද්ධ බාලිකා විද්‍යාලය,
ගල්කිස්ස.
![]() |
diary Read more... |