2025 අප්‍රේල් මස 10 පෙ.ව. 07:31 - {{hitsCtrl.values.hits}}
ලේ කිරිකර දුන් මාගේ අම්මා
මා දුන් දුක් ඉවසූ මගේ අම්මා
මට ගුණදම් කියලා දුන් අම්මා
දෙපා මත හිස තියා වඳිනෙමි අම්මා
යහ ගුණදම් මා හට පෙන්වූවා
ආදරයෙන් මගෙ හිත සැනසූවා
සුරතල් වදනින් මා නැළවූවා
හරි මග වෙත මා යොමු කරවූවා
ජීවන සයුරේ මා කර පින්නා
තොටුපළ හමුවන තුරැ ඈ පිහිනා
වෙහෙස දැනෙනමුත් මට නොකියාලා
මට නොදැනිම ඈ මගෙ බර ගත්තා
අහසේ පායන පුන්සඳ අම්මා
මිහිකත තෙමනා වැසිදිය අම්මා
දෙගොඩ තලායන නදියකි අම්මා
මතු සංසාරේ දී ඔබේ පුතු වෙම්වා
ඩී.එම්.උදේශ් මධුසංක දිසානායක
9 වැනි ශ්‍රේණිය
රාජකීය විද්‍යාලය
කොළඹ 07
![]() |
diary Read more... |