2025 අප්‍රේල් මස 10 පෙ.ව. 07:33 - {{hitsCtrl.values.hits}}
දස මස කුස දරා මා දැඩි කළ අම්මේ
දිව රූ නොබලා මා වෙනුවෙන් උන් අම්මේ
ගෙදර බුදුන් ඔබමයි ආදර අම්මේ
ජාති ජාති ඔබ මගෙ වේවා අම්මේ
ඔබගේ ඒ රැධිරය කිර කර මට පෙවු අම්මා
ලෙඩක් දුකක් හැදුණ ම මගෙ ළඟ හිටියා අම්මා
හොඳ හොඳ ලස්සන දේවල් දුන්නා මගෙ අම්මා
නිවනට යන තුරාවට ඔබ මගෙ වේවා අම්මා
පුංචි කාලෙ මට කැවුවේ රූට නොකා අම්මා
ලස්සන ඇඳුම් මට දුන්නේ වැරහැලි හැඳ අම්මා
අයනු කියා අකුර අකුර කියලා දුන්න අම්මා
ඔබෙ පා යුග නමදිමි මම සාදු කියා අම්මා
නෙත්මි රනීෂා කඩිගාව
9 ශ්‍රේණිය,
මහ/ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය,
මහනුවර.
![]() |
diary Read more... |