අම්මා

2025 ජනවාරි මස 09 ප.ව. 04:10 - {{hitsCtrl.values.hits}}  

දස මස කුස දරා මා බිහි කළ     අම්මා
රූ නිදි මරා මා රුකගත් මගෙ     අම්මා
වේලක් නොකා එක වේලක් කෑ     අම්මා
මාතු පාදං නමා මහං කියා වඳිමි     අම්මා

මා තනි නොකරමින් මා ළඟ සිටි     අම්මා
ලෙඩ දුක හැදුන විටකදි නිදි වැරැ     අම්මා
හැම කරදරයකදි ළඟ සිටියේ     අම්මා
මතු සංසාරයේ දීත් ඔබ මගෙ     අම්මා

මා ළඟ සිටි ඔබ කොහි ගියෙදෝ     අම්මා
සුර සැප සොයන්නට වෙන් වුණි දෝ     අම්මා
දිනක් දිනක් පාසා සිහි වේ     අම්මා
නිම්මා නැති සෙනේ මට දුන් මගෙ     අම්මා

මෙතුලි බිමන්සා පෙරේරා
9 ශ්‍රේණිය,
මහාමායා බාලිකා විද්‍යාලය,
නුගේගොඩ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...