2025 අප්‍රේල් මස 21 ප.ව. 07:33 - {{hitsCtrl.values.hits}}
නව අවුරැදු සුවඳ පතුරා
සෑම ගෙදරම සතුට උතුරා
අැසෙයි ඔංචිලි වාර නිතරා
දිසෙයි දෝ මේ සිරිත් මතු දා
හෙටත් පවතී දෝ මේ ලෙසටා
සැකක් පහළ ව ඇතැයි මා සිතටා
දොසත් දුරැ වේ බියෙන් නිතරා
කලක් දුටුවා ස්වප්නයකින් මා
නැතැයි කම්පා දයා ආදර
සමගි, සාමය ඔහේ පැන යත
දුටුව විට ඒ වියරැ ස්වප්නය
තවම හද මගේ ගැහෙයි නිතරම
කෘත්‍රිම මිනිසුන් දසත පැතිරී
දයාවෙන් බර හිතක් නොමැති
තාක්ෂණය ලොව සලිත කරති
එදා මෙන් අද සොඳුරැ නොවෙති
![]() |
diary Read more... |