2025 මාර්තු මස 30 ප.ව. 02:01 - {{hitsCtrl.values.hits}}
අවුරුදු කුමරි හනිකට ආවා
කුඩා ළමා සිත් තුටින් පිරෙව්වා
කැවුම් කිරිබතුත් අනුභව කෙරුවා
හිසතෙල් ගා දිගු ආයුෂ පැතුවා
අලුත් ඇඳුම් ඇඳ ජන ගී ගැයුවා
නෑගම් ගොස් සැමහට සුබ පැතුවා
අවුරුදු කුමරිය සැම තුටු කෙරුවා
සෝ කඳුලින් ඇයගෙන් වෙන්වූවා
පාසල් වාරය නැවත ඇරඹුවා
අධ්‍යාපනයට මුල් තැන ලැබුවා
අවුරුදු කුමරිට ආයුබෝ කීවා
නැවතත් එන ලෙස ඇරයුම් කෙරුවා
තුනුවි කුලෝධනා ප්‍රේමරත්න,
9 ශ්‍රේණිය,
ර/සීවලී මධ්‍ය විද්‍යාලය,
රත්නපුර.
![]() |
diary Read more... |