2025 මාර්තු මස 30 ප.ව. 01:33 - {{hitsCtrl.values.hits}}
අශෝකමාලා
-------------------------------
දේවලොවෙන් ආ සුරංගනාවි මා
සිත් ගත් නුඹ අශෝකමාලි
මධුර සුමිර ගී මී පැණි වාගේ
ගයන නුඹ මගේ සිත් ගත් දේවී
මගෙ අත හිමි නුඹ අශෝකමාලි
එකට බැදෙමු අපි විලාසිතාවී
සාලිය කුමරුගෙ අත හිමි කාරී
සදහට නුඹ මගෙ අශෝකමාලි
දිගු නිල් දිය ඇලි නාදෙන්
කඩා හැලෙනවා සලුවක් වාගේ
රන් කර්ණය හිමි දෙකන් නුඹේ
දෙතොල් දෙකක් ලද පියුම් වගේ
කල්‍යාණියෙ නුඹ දෑස් මගේ
දිනා ගත්ත මන රූපෙ නුඹේ
කිරුළක් නම් නැත සිතේ මගේ
කිරීටයයි නුඹ දිවියෙ මගේ
----------------------------
කේ .වී .ඒ.යූ සෙත්මිණි
10 ශ්‍රේණිය
බප /මිනු/ඩී එස් සේනානායක මධ්‍ය මහා විද්‍යාලය
මීරිගම.
![]() |
diary Read more... |