අසිරිමත් උදෑසන

2025 අප්‍රේල් මස 21 ප.ව. 04:18 - {{hitsCtrl.values.hits}}  

හිරැ රුස් කදම්භ පොළොවට     වැටිලා
පිනි බින්දුත් දිලිසෙයි කොළ මත     ඉඳලා
විහඟුන්ගේ කිචිබිචි නාදෙන්     පිරිලා
අසිරිමත් කරයි උදෑසන සිත් සතන් තුටු     කරලා

සුදු කොකුන් සේ ළමයි පාසල්     යන්නේ
ඉන් උදයෙන් සැම සිත් පුබුදු     කරන්නේ
මුළු ගමක් ම දැන් අවදිව     සිටින්නේ
උන් සුපුරැදු කටයුතු කරගෙන     යන්නේ

ගස්වැල් සුළඟට වැනි වැනි     ඉන්නේ
ඉන් මළු ගමට සිසිලමයි     බෙදන්නේ
එම සිසිලෙන් සිම සිත් පිනවා     යන්නේ
අසිරිමත්  උදෑසනකි සතුට     විඳින්නේ

රවිඳු ෂෙනාල්
10 ශ්‍රේණිය,
ක්‍රිස්තුරාජ විද්‍යාලය, වැලිවේරිය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...