අසිරිමත් උදෑසන

2025 ජනවාරි මස 07 පෙ.ව. 02:06 - {{hitsCtrl.values.hits}}  

උදෑසන ම හිරැ කුමරා එබී     බලනවා
කුරැලු රූන් ආකාසේ     පියාසලනවා
ළමා ළපටි කඩිමුඩියේ පාසල්     යනවා
ගොවිරාලත් උදෑසන ම කුඹුරට     යනවා

සුවඳ මල් පිපී ලෝකය සුවඳ     කරනවා
ගොයම් කරල් කිරට නැමී ගීත     ගයනවා
නෙළුම් මලේ පෙති අතරේ බඹරැ     නටනවා
නැවුම් උදය මුළු ලෝකය සතුටු     කරනවා

කලනි කිත්මිණි හේරත්
6 ශ්‍රේණිය,
ම/ගලේ රංගිරි දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...