අසිරිමත් පොත්පත්

2024 දෙසැම්බර් මස 22 පෙ.ව. 06:34 - {{hitsCtrl.values.hits}}  

සිත කලබල වූ විට එය     කියවන්න
සිතට දුකක් අා විට එය     කියවන්න
සිතේ සතුට ඇති විට එය     කියවන්න
සැපට දුකට සිටිනා පොත්     කියවන්න

සයුරක් වැනි සාහිත්‍යයේ     කිමිදෙන්න
විවේකයෙන් උපරිම පල ලැබ     ගන්න
ලැබූ දැනුම අන් අයටත්      පවසන්න
පොත්පත්වල විස්මය වටහා     ගන්න

පොත්පත් සමගින් ඉදිරියට ම     යන්න
කිසිදා පොත්පත් අමතක     නොකරන්න
ඒවායේ අමිල මෙහෙය     අගයන්න
පොත්පත් රුකගැනුමට සැම     එක්වන්න

සියුමි තරැමිලා
10 ශ්‍රේණිය,
ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලය,
නුගේගොඩ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...