2025 අප්‍රේල් මස 01 ප.ව. 02:57 - {{hitsCtrl.values.hits}}
නිල් රෙද්දක් පොරවාගෙන
උඩට වෙලා බුම්මාගෙන
පාට පාට ඇඳුම් අඳින
අහස හරි ලොකුයි
ඉර මාමා උඩ හිනැහෙයි
කුරැලු රූන් එහෙ මෙහෙ යයි
දේදුනු මල්මාල දමන
අහස හරි හැඩයි
බකමූණෝ හුම් කියතී
වවුලෝ එහෙ මෙහෙ දුවතී
කළු රෙද්දක් පොරවාගෙන
අහස සැතපෙතේ
හර්ෂණි ශෂිප්‍රභා
ගා/ උඩුගම මහා විද්‍යාලය, ගාල්ල.
![]() |
diary Read more... |