2025 පෙබරවාරි මස 22 ප.ව. 10:10 - {{hitsCtrl.values.hits}}
කඳුළු කැට ගොඩක් ඇස ළඟ තනිවෙච්චි
මගෙ හිත ඇතුළෙ හැම සතුටක් බොඳවෙච්චි
සෙනෙහස අහිමි වී තනිකම ළං වෙච්චි
ආයෙත් එනු මැනැවි ආදර අප්පච්චි
කළු ගල්තලාවේ උඩුබැලියට වැටිලා
අත් දෙක දිග ඇදී පාදත් වක ගැහිලා
කවුරැද නරැමයෙක් අප්පචිචිව නසලා
දෙවියෝ බලත්වා මගෙ දුක ගැන අසලා
වරදක් කරලා නෑ කාටත් අප්පච්චි
කරැණා දයාවෙන් ඔබ හද පිරවෙච්චි
ලණු ඇඳ පාළු වීලා අද සෙලවෙච්චි
නිවනින් සැනසේවි මගෙ බුදු අප්පච්චි
මදුවන්ති තෙන්නකෝන්
12 ශ්‍රේණිය,
ශ්‍රී සංඝමිත්තා බාලිකා ජාතික පාසල,
මාතලේ.
![]() |
diary Read more... |